• 0
NAME LENGTH AVAILABLE ON

Ran Malak Lesa - Sunil Edirisinghe / Rohana Weerasinghe / Kumaradasa Saputhanthri




අභිවන්දනය

රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදු මේ පින් බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල්වී තියේ

ලෙහි හොවා වැඩු සිය පුතුන් අත අවි දරා වැද රණ මතින්
පෑ විකුම් දැක දෑ බැතින් හිස අත් මුදුන් දෙති පියවරුන්
මව් බිමේ හිමිකම් පතා තම දිවි පිදු කල ඒ පුතුන්
තුන් හෙලේ හැම මව්වරුන් ළය කිරි එරී ඇත උන් නමින්

මව් කුසින් නොව මිහි කුසින් සිරිලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පණ ලබා මෙහි යළි උපන්නෙමු අද දිනේ
නෑසියන් සොයුරන් ඔබේ අද පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුදබිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ ///

ගායනය - සුනිල් එදිරිසිංහ
තනුව සහ සංගීත නිර්මාණය - ආචාර්ය රෝහණ වීරසිංහ

Share this!

Available On

UP Next

  • සූවිසි වරමින් දෙවි රැකවරණින්
  • අරාජිකයි මා හද රජ දහනම
  • නිදුකාණනේ යොමා බුදුනෙත කුළුණිනේ
  • ගෙපිලේ එළන පං පැදුරේ නින්ද නැතේයා
  • අරාජිකයි මා හද රජ දහනම
  • අරුණු වළා පෙළ නැඟෙනු බලා
  • නැගී නව හිරු අහස
  • ඉන්ද්‍රඛීලය සේ නැඟී
  • හිරු ගේ තනියට දහසක් හිරු පායා
  • වෑ කණ්ඩිය ළඟ පලුගහ හෙවණේ
000webhost logo