• 0
NAME LENGTH AVAILABLE ON

Ada Ipadunu - Sunil Edirisinghe / Rohana Weerasinghe / Kumaradasa Saputhanthri

Ran Malak Lesa - Sunil Edirisinghe / Rohana Weerasinghe / Kumaradasa Saputhanthri

Pithu Senehe - Deepika Priyadarshani / Rohana Weerasinghe / Kumaradasa Saputhanthri

Marambari - Edward Jayakody / Rohana Weerasinghe / Kumaradasa Saputhanthri

Akuru Maki Na - Edward Jayakody / Rohana Weerasinghe / Kumaradasa Saputhanthri

Ladu oviti karal mathin - Edward Jayakody / Rohana Weerasinghe / Kumaradasa Saputhanthri

Me Thani yahane - Deepika Priyadarshani / Rohana Weerasinghe / Kumaradasa Saputhanthri

Seethala pini bindu bindu - Victor Ratnayake / / Kumaradasa Saputhanthri

Epa hiru payanna - Victor Ratnayake / / Kumaradasa Saputhanthri

Midule Weli Maligawe - Peshala Mendis / Rohana Weerasinghe / Kumaradasa Saputhanthri

Ruwan Tharaka - Bandara Athauda / Rohana Weerasinghe / Kumaradasa Saputhanthri

Nan Suran Bathiyen - Bandara Athauda / Rohana Weerasinghe / Kumaradasa Saputhanthri

Oba mata tharuwaki - Lakshman Wijesekara / Rohana Weerasinghe / Kumaradasa Saputhanthri

Detha depaalana - Lakshman Wijesekara / Rohana Weerasinghe / Kumaradasa Saputhanthri

Me Pahan Raya Seethalai - Ananda Gunasekara / Rohana Weerasinghe / Kumaradasa Saputhanthri

Suwadak wida na - Nelu Adikari / Rohana Weerasinghe / Kumaradasa Saputhanthri


සිවුපද, දෙපද කවියේ සෙවණැල්ල ලද නූතන ගේය කාව්‍ය නිර්මාණ

සිවුපද, දෙපද කවියේ සෙවණැල්ල ලද නූතන ගේය කාව්‍ය නිර්මාණ

සිංහල කාව්‍ය වංශය සියවස් ගණනාවක දීප්තිමත් ඈත අතීතයකට හිමිකම් කියනු ඇත. ක‍්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දී පමණ ලියැවුණු සෙල් ලිපි ගී මගින් මේ කාව්‍ය වංශය ඇරඹෙන බවට සාධක පැවතියේය. එදා සිට අද දක්වාම සිංහලයෝ පද්‍යයට මහත් රුචියක් දක්වති. එබැවින් හැම කලාවක්ම අභිබවා පද්‍යය ඉදිරි ගමනක යෙදුණු අතර, අද දක්වාම නොනැසී ද පවත්නේය. එසේ වන්නට හේතු සාධක වන්නේ හැමවිටම, හැම යුගයකම පද්‍යය හිමි කර ගෙන සිටි ඉතා ප‍්‍රබල ස්ථාවරත්වයයි. සිංහල පද්‍ය බන්ධනය පිණිස සිංහල භාෂාවෙන් ද අනල්ප පිටිවහලක් ලැබෙනු ඇත. සිංහල භාෂාවේ ඇති මටසිලිටු බව නිසා සිංහල පද්‍යයට වෘත්තානුකූල බවක් ගෙනෙයි. ක‍්‍රිස්තු පූර්ව දෙවන තුන්වන ශත වර්ෂවල සිට අනුරාධපුර යුගයෙන් ඇරඹෙන සිංහල කාව්‍ය වංශය විවිධ වර්ධනීය වෙනස්කම් සහිතව සියවස් විස්සකට වැඩි කාව්‍ය උරුමයක් අපට හිමි කර දෙයි.

සිංහල පද්‍ය සාහිත්‍යය, ගද්‍ය සාහිත්‍යයට වඩා පෙර සිටම සමාජ ගතව තිබුණි. සාමාන්‍යයෙන් විශ්ව සාහිත්‍යය තුළ ද ගද්‍යයට වඩා වැඩි ප‍්‍රමාණයක් පද්‍ය හිමිකර ගෙන ඇත. අප මුලින්ම පැවසූ සියවස් විස්සක් පමණ ආපසු හැරී බලද්දී හමුවන පද්‍ය යුග දෙස විමසිලිමත් වන විට, කාව්‍යය සිංහලයාගේ ආත්මය හිමි කරගෙන සිටි බවක් දැනේ. මෙයට හො`දම උදාහරණය ජන කවියාගේ ක‍්‍රියාකාරකම් ය.

සෙල්ලිපි ගී මගින් ඇරඹෙන සිංහල කාව්‍ය වංශය ගී කාව්‍යය නම් වූ කාව්‍ය විශේෂත්වයකට උරුම කම් කියයි. ගීයක පළමු හා තෙවන පාද විෂම පාද වන අතර, දෙවන හා සිවුවන පාද සමාන පාද වෙයි. විෂම පාද යනුවෙන් මාත‍්‍රා ගණනින් අසමාන බවත් සම පාද යනුවෙන් මාත‍්‍රා ගණනින් සමාන බවත් පැහැදිලි කෙරේ. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මරදන්කඩවල කොස්ගමකන්ද විහාරයේ ඇති සිංහලයේ ප‍්‍රථම පද්‍ය ලෙස හැ`දින්වෙන මතු දැක්වෙන ගීය මේ ස`දහා නිදසුන් සපයනු ඇති.

මහ රකඛහ ගමණි (මාත්රා 09*
අභයහ දෙවන පියතිශ (මාත්රාහ 11*
රමණි බරිය මිලකතිශ (මාත්රා 11*
විහරෙ කාරිතෙ කතිය ( මාත්රා 11*

සෙල් ලිපි ගීවලට අනතුරුව විවිධ අවස්ථාවන්හිදී අපට මෙම ගී කාව්‍යයන් මුණ ගැසේ. සසදාවත, මුව දෙව්දාවත සහ කව් සිළුමිණ යන සිංහලයේ ගී කාව්‍ය ත‍්‍රිත්වය ලෙස අමතන මේ කාව්‍ය ග‍්‍රන්ථයන්හි ද දක්නට ලැබෙන්නේ ගී කාව්‍යයන්ය. එසේම සිගිරි පද්‍ය අතර බොහොමයක්, සියයට අනුඅටක් තරම් වූ ප‍්‍රතිශතයක් ඇත්තේ ද ගී කාව්‍යයන් ය. එහෙත්, සීගිරි ගී අතර ප‍්‍රමාණාත්මකව ශේෂ වී ඇති අනෙක් කාව්‍ය විශේෂය සිවුපද කාව්‍ය ගණයෙහි ලා සැලකිය හැකිය. මෙම සිවුපද කාව්‍ය විශේෂය සංස්කෘත සහ ද්‍රවිඩ විරිත් පිළිබද හැදෑරු ඒ පිළිබද දැනුමැති වියතුන් විසින් ලියා තබන ලද බවට ද මත පවතී.

සිවුපද යනු පාද හතරකින් යුතුව නිර්මාණය වූ කාව්‍ය විශේෂයකි. සිවුපද කාව්‍ය හා ගී කාව්‍යය යන දෙවගම මාත‍්‍රා ඡුන්දසට අනුව නිර්මාණය කෙරේ. අප මුලින් ස`දහන් කළ අයුරින් ගී කාව්‍යය අසමාන පද සහිත වුව ද සිවුපද කාව්‍යයේ පද මාත‍්‍රා ගණනින් සමාන පද සහිතය. කෙටියෙන් පවසතොත් සිවුපදයේ පාද හතරම මාත‍්‍රා ගණනින් සමාන විය යුතුය. එසේම සිවුපදයේ එළි සමය හා විරාම පද පිහිටුවීම ද අත්‍යවශ්‍ය ය. එහෙත්, එළිසමය නිසාම ගීය, සිවුපදයෙන් වෙනස් නොවේ. එපරිද්දෙන්ම සිවුපදයට හිමි සියලූම වගකීම් අතර දෙපදය වෙනස් වන්නේ සිවුපදය පාද හතරක් සහ දෙපදය පාද දෙකක් වන නිසාවෙන් පමණි.

සීගිරි කැටපත් පවුරේ සතර පද

සීගිරි කැටපත් පවුරේ දී අපට හමුවන සිවුපද කාව්‍යයන් සතර පද ලෙසින් හැදින්වේ. සීගිරි ගී අතර වූ මේ සතර පද සංස්කෘත හා ද්‍රවිඩ භාෂා භාවිතය සමග නිර්මාණය වීම නිසා මෙම කාව්‍ය විශේෂය මගින් කාල වකවානු නිර්මාණය කිරීමට මග සලකුණු විවර කර දෙයි. මේ අනුව මේ සතර පද අටවැනි හා නවවැනි ශත වර්ෂවලට අයත් වන බවට තහවුරුවක් ලැබේ.

කොමුළ් අමඞ් ලෙඞ් ලින සී
එබොන්ද මියුර් යහ බැසී
එකපල් දලවන් දැගැසි
මන ජල්වයි සිත් නොමුසී - 103

උක්ත කෙටි පද සහිත මාත‍්‍රා 12කින් සමන්විත සිවුපදය යොත්මත් වැල විරිතින් බ`දනා බැව් සැලයි. මතු දැක්වෙන්නේ මහ පටන් ¥පතෙන් පැමිණි නාල් නමැත්තා විසින් ලියන ලද මාත‍්‍රා 20කින් බැ`දුණු සීගිරි සිවුපදයයි.

අබොයි නිරින්ද් පිරිවර් ඔබට් නැගී විලසා
අමය රය වැට්හෙන මප්විත් කලණ් බසා
අප දිය හිටියා සිරිපඞ් මගුල් වෙසෙසා
ලිව(ය්* වෙසෙස් මෙරක් කිවය් වා දහසා - 627

පොළොන්නරු, දඹදෙණි සාහිත්‍ය යුගවල මෙම සිවුපද කාව්‍ය විශේෂය අත්හැරුණේ මන්ද යන්න ගැටලූවකි. පසු කලෙක ඉතා ජනප‍්‍රිය විරිතක් බවට පත් වූ සමුද්‍ර ඝෝෂ විරිතෙන් පබ`දන ලද සිවුපදයන්ද සීගිරි ගී අතර වෙයි. එහෙත්, ඉන් අනතුරුව ශතවර්ෂ පහක් පමණ අතරතුර මෙම සිවුපද කාව්‍යද භාවිතය අත් හැරී අපට දක්නට නොලැබුණි. මෙම කාල පරිච්ඡේදය තුළ බිහි වූ ග්‍රන්ථ කිසියම් අයුරකින් අතුරුදහන් වූවා ද යන්න සැක සහිත ය. මතු දැක්වෙන්නේ සීගිරි ගී අතර වූ සමුදුරු ගොස් විරිතෙන් නිර්මාණය වූ සිව්පදයකි. මෙම සිවුපද කාව්‍යය සුනිල් සාන්තයන් විසින් තනු නිර්මාණය කර ගයනු ලැබූ බවට ශ‍්‍රී ලංකා ගුවන්විදුලිය සාක්ෂි දරයි.

හමල් මරු ජහස් සුවහස් සන්දල්ලා
තුරු හළ් කොහළ් හු මලගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ් කළ තම්බල පල්ලා
පෑ රැුය දිගැස් තදුන් හසුන් කුම් වාල්ලා - 595
සන්දේශ කාව්‍ය සිවුපද

ගම්පොළ යුගයේ ආරම්භයත් සමග එවක තිබූ දේශපාලනමය වාතාවරණයම නැවත සිංහල කවිය සංස්කෘත හා ද්‍රවිඩ පද්‍ය හා විරිත් කෙරෙහි නැඹුරු වූ බව පෙනේ. ඒ අනුව මාත‍්‍රා ගණනින් පද සමාන - පද අවසන එළිසමය ඇති සිවුපද කාව්‍යය නැවත ප‍්‍රචලිත වන්නට විය. මෙම සිවුපද කාව්‍යයන් ගී කාව්‍ය මෙන් නොව ඉතා කෙටි පද සහිතව ද ඉතා දිගු පද සහිතව ද නිර්මාණය විය.

සිංහල පද්‍ය සාහිත්‍යයේ ප‍්‍රගමනය පිණිස සිවුපද කාව්‍ය ආකෘතියෙන් පබදන ලද සන්දේශ කාව්‍ය ඉමහත් පිටිවහලක් වී ඇත. ගම්පොළ යුගයේ දී මයුර සන්දේශයේ ආරම්භයත් සමග ක‍්‍රමයෙන් සන්දේශ කාව්‍යයන් වැඩිපුර බිහිවීමේ ප‍්‍රවණතාවක් කෝට්ටේ යුගයේ දී වැඩි වශයෙන් දක්නට ලැබේ. ඒ අනුව සම්භාව්‍ය ගනයේ ලා සැලකෙන සන්දේශ කාව්‍යයන් අටෙන් පහක්ම කෝට්ටේ යුගයට අයත් වෙයි. එපමණක් නොව, කොට්ටේ යුගයේදී රාජ්‍යත්වයෙන් පවා පද්‍යයක ග‍්‍රන්ථකරණයට වැඩි ඉඩ කඩක් ලබා දුන් බවට සාධක පවතී. එනිසාම කාව්‍යශේඛරය, ගුත්තිලය වැනි ශ්‍රේෂ්ඨ කාව්‍ය බිහිවන්නේ ද කෝට්ටේ යුගයේදීය. එපමණක් නොව, සිංහලයේ මුල්ම ප‍්‍රශස්ති කාව්‍ය ලෙස සැලකෙන පැරකුම්බා සිරිත ද ප‍්‍රථම සිලෝ කාව්‍ය ලෙස සැලකෙන එළු සිලෝ ශතකය ද ප‍්‍රථම සිංහල උපදේශක කාව්‍ය ලෙස ගැනෙන ලෝ වැඩ සඟරාව ද අපට හමුවන්නේ කෝට්ටේ යුගයේ දීය.

කෙසේ වුව ද සිවුපද කාව්‍ය සාහිත්‍යයකට මග හසර විවර කළ පරෙවි සන්දේශය, සැළලිහිණි සන්දේශය, කෝකිල සන්දේශය, ගිරා සන්දේශය සහ හංස සන්දේශය කෝට්ටේ සාහිත්‍ය යුගය තුළ සුවිශේෂී ස්ථානයක් ගනී. විවිධ මාත‍්‍රා ගණනින් යුතුව විවිධ විරිත් ලක්ෂශණ මතු කෙරෙන මෙම සිවුපද කාව්‍යයන් නූතන සිවුපද ගේය කාව්‍යයන්හි ඉදිරි ගමන් මඟ සඳහා සුපිරිසිදු මාවතක් ඉදිකර දුන්නේය. මතු දැක්වෙන්නේ එම සන්දේශ කාව්‍යයන් මගින් මතු කර දුන් සුමධුර විරිත් කිහිපයකි.

මධුර සන්දේශය - දෝධක විරිත
කිබකි ගණ තුනක් හා ගුරු අක්ෂර දෙකකින් සමන්විත විරිතයි. තර`ග වැල විරිත නමින් ද හඳුන්වයි.
පෑ තුනු පෑ තුනු දෙව් අඟනන්නේ
ලෝ වටනා රඟනා නළුවන්නේ
රූ රැුස සීලස කැන් නෙත ලන්නේ
මේ තුට මේ තුට ඒ දුටු වන්නේ
තිසර සන්දේශය - දෝධක පිරිත
වන් නෙත සව් සත සිත් තොස රැන්දු
රන් ලිය වන් ලෙළ සියුමැලි ලන්
වන් ලෙස දෙන් රඟ රැුව් දෙවි නන්දු
උන් දැක නෙත තොප ලක් පල වින්දු
පරෙවි සන්දේශය - භූජංග ප‍්‍රයාත විරිත
(‘ය‘ ගන හතරකින් සමන්විත විරිතකි*
ඇසින් හන්ව සන් නන් වනින් යුත් කලූන්නේ
රුවන් බන් රසන් දම් කැළුම් කැන් පෙනෙන්නේ
ඔවුන් දුන් වෙසින් ගත් සකක් මෙන් පමන්නේ
අඳුන් වන් ගුවන් වන් විදුන් වන් එතැන්නේ
කොවුල් සන්දේශය - කුසුමවිචිත‍්‍රා විරිත
මෙම විරිත න-ය-න-ය යන ගණ හතර පිළිවෙළින් යෙදේ.
සැදි සුව`දැල්ලා වනය උපුල්ලා
රැුඳී මිහිලොල්ලා පිපි වන විල්ලා
බිඳ නවපල්ලා යන මුව ගොල්ලා
දුටු එසියල්ලා නෙතු සිතු අල්ලා
සැළලිහිණි සන්දේශය - සමුද්‍ර ඝෝෂ විරිත
පැහැ සරණිය මිණි පැමිණිය කොත් අගට
බඳ ගිගිණිය දද ගිහිණිය විමන් වට
නොප පැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැලණිය පුරවරට

ගී කාව්‍යයන්ට වඩා ප‍්‍රබලව සිවුපද කාව්‍යයන්හි අර්ථ ධ්වනි ගුණ මතු කර දැක්වේ. තැන් තැන් ඉතා අලංකාරව තැබෙන එළිසමය, මධුර ධ්වනි ගුණ මතු කැරෙන යති සටහන්, මෙම සිවුපද කාව්‍ය රසික සිත් අමන්දානන්දයට පත් කරවන සුළුය. බොහෝමයක් ගේය කාව්‍ය රචනා සඳහා ගේය කාව්‍යකරුවන් විසින් සිවුපද විරිත භාවිත කරන්නට පෙළඹවීමක් කරනු ලැබුයේ ද සිවුපදයේ ඇති මේ අර්ථ ධ්වනි ගුණයයි. සිවුපදය මගින් මතු කෙරෙන රිද්මය නව සංගීත රටාවන්ට, මධුර තනුවකට තෝතැන්න වෙයි. එබැවින් කෝමල පදවලින් සුසැදුණු මාත‍්‍රා දොළසකින් යුත් වසත් විරිතෙන් පබඳන ලද මේ සිවුපදය ද සංගීත රටාවක් ඉල්ලා සිටියි.

කාව්‍යශේඛරය - වසත් විරිත
කනක වතල දිගු නයනී
මඳහස ලෙළ රත ලවනී
මදාර මල් සැදි සවනී
ළද සිඳඹුව දිටි එවනී

අපගේ වැඩිපුර කතා බහට ලක් නොවූ ගී කාව්‍යයන්ගේ ද කතා බහට ලක් වූ සිවු පද කාව්‍යයන්ගේ ද, ඡුන්දස් හා විරිත් ලක්ෂණ පිළිබඳව ‘එළු සදැස් ලකුණ’ නැමැති ග‍්‍රන්ථය මගින් සාකච්ඡුා කෙරේ. මේ අනුව සිවුපද කාව්‍යයන්හි දෙමතේ සිට විසි අට මත් දක්වා වූ ඡුන්දස් හා විරිත් පිළිබඳව විමසුමට ලක් කෙරේ. එනම් ලඝු අක්ෂර දෙකක හෝ ගුරු අක්ෂරයක හෝ සිට ලඝු අක්ෂර 28 හෝ ගුරු අක්ෂර 14 හෝ දක්වා සිවුපද ඡුන්දස්, පිහිටි ඡුන්දස යනුවෙන් ඡුන්දස් 14 ක් හඳුන්වා දෙන එම සදැස් ලකුණ එමගින් විරිත් විශාල සංඛ්‍යාවක් බිහි කරන බව ද සපථ කරයි.

ජනකවියේ සිවුපද

ජනකවිය අද ක‍්‍රමයෙන් වියැකී යමින් පවතී. පාසල් දරුවන්ගේ පැවරුම් උදෙසා වැඩිහිටියෝ ද ජනකවි සොයති. මෙමගින් වැටහෙන්නේ අලූත් පරපුරට තබා අද ජිවත් වන වැඩිහිටි පරම්පරාවට ද ජන කවි පිළිබ`දව වග විභාගයක් නොමැති බව ය. එහෙත් ජනකවියේ රස මිහිර වි`දි අප පරපුරට තවමත් ජන කවිය මී සේ රස ය. මේ ජනකවියට වැඩිපුරම ප‍්‍රස්තුත වූයේ තමා වටා වූ පරිසරයයි. තමා විසින් ඉටු කරනු ලබන මෙහෙවර ජන කවියට නැගීම ද එයම ඇසුරු කොට ගනිමින් පේ‍්‍රමය විරහව වැනි ජන කවි ද නිර්මාණය වී ඇත. එසේම දරු නැළැවිලි කවි ද, ළමා ජනකවි ද මේ අතර වෙයි. මෙහෙවර කවි ගනයෙහි ලා නෙළුම් කවි, කමත් කවි, බමර කවි, පැල් කවි, ගැල් කවි, පාරු කවි ආදී වශයෙන් විවිධාකාර වූ ජන කවි සමූහයකි. කර්තෘවරයෙකුගෙන් තොරව, මුඛ පරම්පරාගතව පැමිණි මේ හැම ජනකවියක් ම සිවුපදයකි. මේ ජනකවිය ඇසුරු කොට ගනිමින් ද නූතන සිවුපද ගේය කාව්‍ය රාශියක් නිර්මාණය කොට ගෙන ඇත.

නැළැවිලි කවියක්
අතට වෙරළු ඇහිඳ ගෙනේ
ඉණට පලා නෙළා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ

ඔංචිලි වාරම්

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
සුළඟට රෙදි රැුල්ල ලෙළේ
ඔංචිලි පැදපන්න මලේ

කුරක්කන් කවි

හේනේ පැලේ මා විදිනා සුරුක්කන්
ඌරෝ ඇවිත් වට පිට කරති සක්මන්
වැටටත් උඩින් උන් අල්ලන මලක්කන්
අපොයි මගේ කිරි වදිනා කුරක්කන්

පතල් කවි

මං මුළා වෙලා මේ රට පසු වෙනවා
අයියලා ඉඳන් මට තව දුක් දෙනවා
අම්මලා අපට පෙව් කිරි සිහිවෙනවා
බංගලා වළේ දෝනාවට යනවා

පෙරැලි කවි

කාන්නු ගොයියත් කන්දේ ලාලා පන්ද ලාලූයි
කයි ගොන් මීයක් කාලේ වේලා පාල වේලූයි
කාරෝ උයියත් කානේ හේලා පාන හේලූයි
කල්ලො බයියත් කට වරලා කීම කීලූයි

දහස් ගණනක් වූ ජනකවි සියල්ලම සිවුපද කාව්‍ය ආකෘතියෙන් නිර්මාණය වී ඇත. විවිධ ඉසව් යටතේ විවිධ තේමා යටතේ ජනකවියා විසින් දැන හෝ නොදැන හෝ නිර්මාණය කරන ලද ඇතැම් ජනකවි නව නිර්මාණය ගේය කාව්‍ය සදහා ද පාදක කොට ගෙන ඇත. සිංහල ගීතය නව ඉසව් සොයා යෑමේ දී සිවු පද කාව්‍ය ආකෘතියේ ආභාසය ලබා ඇති බව ඉතා පැහැදිලිය.

සිංහල කාව්‍ය වංශයේ මෙන්ම සිංහල ගේය කාව්‍ය වංශය තුළ ද මෙම සිවුපද කාව්‍ය ආකෘතියට අනුගතව රචනා වූ ගේය කාව්‍ය ප‍්‍රමාණාත්මකව ඉහළ ප‍්‍රතිශතයකි. පද අවසන එළිසමය සහිතව හෝ රහිතව හෝ පදයක මාත‍්‍රා ගණන සමාන වූ හතර පද හෝ දෙපද හෝ මෙම ගේය කාව්‍යවල දැකිය හැකි සුවිශේෂි බවකි. මෙම සිවුපද හෝ දෙපද හෝ භාවිතයෙන් ගී පද රචනා නොකළ ගේය කාව්‍ය රචකයෙකු සොයා ගැනීම ඉතා දුෂ්කරය. නාඩගම් ගී යුගයේ සිටම කුමාරදාස සපුතන්ත‍්‍රී ගේය කාව්‍ය රචකයා නිර්මාණකරණයට පිවිසෙන තුරු ද, ඉන් අනතුරුව ද දෙපද, සිවුපද ගී අනන්තවත් බිහිව ඇත. මේ අනුව නාඩගම් ගී, නූර්ති ගී, ටීටර් ගී, ග‍්‍රැමෆෝන් ගී, ගුවන්විදුලි ගී, චිත‍්‍රපට ගී නාට්‍ය ගී ආදී මෙම හැම යුගයකම දෙපද සිවුපද ගී විශාල සංඛ්‍යාවක් අපට හමුවේ.

නාඩගම් ගීයේ සිවුපද ලක්ෂණ

ඈත අතීතයේ දී ශ‍්‍රී ලංකාව තුළ කෝලම් නාටක, සොකරි නාටක, පාස්කු නාටක ආදිය දක්නට ලැබිණි. ඉන් අනතුරුව දකුණු ඉන්දියාවේ ‘‘නාටකම්’’ යන්න ශ‍්‍රී ලංකාවට පැමිණීමේ දී නාඩගම් බවට පත්විය. ඒ අනුව හරිශ්චන්ද්‍ර නාඩගම මුල්වරට දෙමළ බසින් රග දක්වන ලදී. පුරෝගාමී නාඩගම් රචකයකු වන පිලිප්පු සිඤ්ඤෝගේ සිට අනතුරුව නාඩගම් රචනා කළ, ජෝන් මර්තීනුස්, හෙන්ද්‍රික් ද ආබ්‍රේව් වැන්නවුන් සිය ඇහැළෙපොල නාඩගම හෙවත් සිංහලේ නාඩගම, වෙසතුරු නාඩගම සදහා ද සිවුපද දෙපද ගී රචනා කර තිබුණි. පහත පළවන්නේ කුස නාඩගම (ක‍්‍රි.ව 1874* රචනා කළ ජෝන් මර්තීනුස් විසින් එම නාඩගමට රචනා කරන ලද සිව්පද විරිත් ලක්ෂණ මතු කෙරෙන නාඩගම් ගීයයි.

පවර සිරි දරු, මෙපුර සාගල ගගන බබළන සොමිසෙ පූර්ණ
නොහැර පියමිත් කුමුදු තුටු කළ අමිතු සියපත් හකුළුවාරණ
නිතර ගුණ නැණ තෙදින යුතු නෙක රටට සව්සිරි සැපත් වාරණ
මෙපුර වර අග පැමිණි මදු නරනිදුතුමෝ සෙබ වඩිසෙ නාරණ

එසේම හෙන්ද්‍රික් ද ආබ්‍රේව් රාජපක්ෂ වෛද්‍යනාථ විසින් රචිත වෙස්සන්තර ජාතකේ සින්දු පොත නොහොත් වෙස්සන්තර නාඩගම (ක‍්‍රි.ව 1874* තුළ ද දෙපද සිවුපද ආරට නිර්මාණය වූ නාඩගම් ගීයකි පහත පළවන්නේ.

භානු සේ විරාජමාන කීර්ති කීට භූෂණ
සෝම ජෝති කීර්ති රාශි දී උදාර කාරණ

ඒ කුමාර කාමදේව සේම රූප සෝබනා
කංච නාද සන් ගජන් ද ශංඛ නාදයෙන් මනා
නංගවා රථෙන් ඇතුන් අසුන් පිටින් නැගී යනා
සන්තොසින් උතුන් බොජුන් රසින් කමින් බොමින් පිනා
චන්ද්රි නාම රාජදුන්ට චාමරෙන් පවන් දෙනා

නූර්ති ගීයේ සිවුපද ලක්ෂණ

නාඩගම් ගී යුගයෙන් පසු ක‍්‍රි.ව. 1880 දී පමණ නූර්ති ගී යුගය ද සිංහල ගේය කාව්‍ය වංශකතාවේ වැදගත් කඩඉමකි. සී. දොන් බස්තියන්, ජෝන් ද සිල්වා, චාල්ස් ඩයස් වැනි ප‍්‍රමුඛ නූර්ති නිර්මාණකරුවන් විසින් විරචිත ගේය කාව්‍යයන් අදට ද රසික සිත් අමන්දානන්දයට පත් කරවයි. ඔවුන්ද මේ දෙපද, සිවු පද ගී විරිත් භාවිත කළ බැව් පහත සඳහන් නිදසුන් මඟින් සාක්ෂාත් කෙරේ. රොම්ලින් හෙවත් දිව්‍ය, කුසුම, නූර්තියට සීත දොන් බස්තියන් විසින් රචනා කරන ලද නූර්ති ගීයකි මේ.

පලූ පල මල් සපිරි - නෙතුරු ඇසුරු බමරු රැසා එයි
මිරි මිරි නාදේ තොසා වෙයි කීර කීර නාදෙ එසේමැයි

උයන මේ සින සැරි - රුසිරි කුමරි සිරි සෙයි
නිලූපුල් අක්ෂි සිරි දෙය - මාලා මුතු බෙල්ලේ දිලිසෙයි
රාමායණය, සිරිසඟබෝ, ශ‍්‍රී වික‍්‍රම, වෙස්සන්තර ආදී නූර්ති නාටක බොහෝමයක් නිර්මාණය කළ ජෝන් ද සිල්වා සූරීන් විසින් රාමායණය නාටකයට විරචිත දෙපද ආභාසය ලද ගේය කාව්‍යයයි මේ.
ශ‍්‍රියා මනමත් වී මාගෙ දැකලා උන්මාද වෙයි හර්දේ
සනසාපන් මෙමාව කල් නෑරා පින්සාර රන් ළන්දේ

සිපගන්ටා තිගෙ මූණ දෙනවා නම් බෝම පින් අත් වේ
මාගේ මනාපේ පසිද්දේ මම් කීවෙමි ළන්දේ

පොඩි දන්ත මුතු සේම දිලිසේ කළ්‍යාණ ළන්දාගේ
පෑ වූ ආකාසේ සඳා සේ දිස්නේ වත තීගේ

ග‍්‍රැමෆෝන් ගීයේ දෙපද සිවුපද ලක්ෂණ

නාඩගම් හා නූර්ති ගී යුගවලින් පසු ටීටර් ගී යුගයක් ද, ග‍්‍රැමෆෝන් ගී යුගයක් ද සිංහල ගේය කාව්‍ය අතරට එක්වෙයි. ටීටර් ගී යුගය බොහෝ සෙයින්ම සිරිසේන විමලවීරයන්ගේ නාට්‍ය අතරින් බිහි වූ බවට සාධක ඇත. එහෙත් ග‍්‍රැමෆෝන් ගී යුගය ද කොටස් දෙකකට බෙදා වෙන් කරගත හැකිය. එයින් මුල් කොටසේ ග‍්‍රැමෆෝන් ගී සඳහා තැටිගත කළේ එයට ප‍්‍රථම නාඩගම් හා නූර්තිවල ජනප‍්‍රිය වූ ගීතයන් ය.

එහෙත් පසුකාලීනව ග‍්‍රැමෆෝන් තැටි වෙනුවෙන්ම නව ගීත නිෂ්පාදනය ආරම්භ විය. එහිදී යූ.ඞී. පෙරේරා, ආනන්ද සමරකෝන්, පියසේන කොස්තා, වෛද්‍ය විජයසිරි, සී. වීරසේකර, සරත්චන්ද්‍ර ආටිගල ආදීහු අලූතින් නිපදවෙන ග‍්‍රැමෆෝන් තැටි සඳහා ගීත රචනා කළහ. එහෙත් මෙම ගී පද රචනා අභිබවා සංගීත රචනා ඉස්මතුව තිබීම තුළ මෙ පද රචනා නිර්මාණය වූයේ පූර්ව නිර්මිත තනු රචනා සඳහා දැයි සැකයට බඳුන් වේ. එනිසාම මෙම ග‍්‍රැමෆෝන් ගී දෙපද, සිවුපද කාව්‍ය විරිත්වලින් බොහෝ විට දුරස්ව ඇති බැව් පෙනේ.

එහෙත් ආනන්ද සමරකෝන් වැනි ගේය කාව්‍ය රචකයකුගේ ගී අතර සිවුපද, දෙපද ගී හමුවේ. මතු දැක්වෙන්නේ ඒ පිළිබඳ නිදසුනකි.

එන්ඩද මැණිකේ මමත් දියඹටා කඩන්න කෙකටිය මල්

ඔහො ලස්සනයි ඔහො ලස්සනයි ඔහො පිපිච්ච කෙකටිය මල්


මහන්සි වෙන්නට එපා එපා අනෙ ඉන්නකො ගං ඉවුරේ
ඔහො ලස්සනයි ඔහො ලස්සනයි ඔහො නැමිච්ච කෙකටිය මල්

ඔන්න ඔන්න රළ පාරට තෙමෙනව මැණිකෙගෙ සුදු සේලේ
ඔහො ලස්සනයි ඔහො ලස්සනයි ඔහො මැණිකෙගෙ සුදු සේලේ

සිංහල ගීත සාහිත්‍යය නොසිතූ විරූ ලෙසින් අතු අතු ඉති ලා වැඩෙන්නට පටන් ගත්තේ ගුවන් විදුලි හා චිත‍්‍රපට ගී ශාඛාවන් ඔස්සේය. මේ නම් අතිවිශාල වර්ධනයකි. වසරකට ගීත දහස් ගණනක් සිංහල ගීත ක්ෂේත‍්‍රයට එකතු වන්නට තරම් නව නිර්මාණකරුවන් බිහිවන්නට විය. වර්ෂ 1947 දී දිව්‍ය කුසුම, අශෝකමාලා සහ කඩවුණු පොරොන්දුව චිත‍්‍රපට ත‍්‍රිත්වය නිෂ්පාදනයට පිවිස ඉන් ‘‘කඩවුණු පොරොන්දුව’’ ප‍්‍රථම චිත‍්‍රපටය ලෙස 1948 ජනවාරි 21 දින තිරගත වීමත්, සුනිල් සාන්තයන් පද රචනා කර, තනු රචනා කර ගායනය කළ ඕලූ පිපීලා වෙල ළෙල දෙනවා ගීතය 1948 වර්ෂයේ දී ප‍්‍රථම ගුවන් විදුලි ගීතය ලෙස තැටිගත වීමත් සිංහල ගීත ක්ෂේත‍්‍රයට නවමු මාවතක් ඉදිකරදෙන්නට මහෝපකාරී විය. ඉන් ඉක්බිතිව බිහි වූ චිත‍්‍රපටි ගී සංඛ්‍යාව ගණන් තැබිය හැකි නමුදු, එතෙක් මෙතක් බිහි වූ ගුවන්විදුලි ගීත සංඛ්යා්ව ප්රූමාණාත්මකව ඉතා විශාල ය. ඒ චිත‍්‍රපට ගී අතරින් අපට හමු වූ දෙපද, සිවුපද ආරට ලියවුණු චිත‍්‍රපට ගීතයන් කිහිපයකි මේ.

චිත‍්‍රපට ගීයේ දෙපද, සිවුපද ලක්ෂණ

අරිසෙන් අහුබුදු කිවියාණන් විසින් පද නිර්මාණය කරන ලද මේ ගීතය ‘‘පුරන් අප්පු’’ නමැති නිෂ්පාදනය අත්හිටවූ චිත‍්‍රපටියක පටිගත කළ ගීයක් බැව් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය නූතන ගේය කාව්‍ය සංහිතා ග‍්‍රන්ථයේ සඳහන් කරයි. එනමුදු මාත‍්‍රා දහයකින් යුතු සිවුපද ස්ථායි කොටසක් හා දෙපද අන්ත‍්‍රා කොටස් තුනක් මේ ගීතයට ඇතුළත්ය.

ලොව්තුරු පෙම් වතුරේ
ඔබ නාවමි මිහිරේ
ඔබ පෙම් රජ මැදුරේ
සනසනු මා මිහිරේ

මා මන මංගල රන් ඕවිල්ලේ ඔබ හා නැළවෙන්නම්
රුති රුති සුවඳැති බැති මල් මාලා ලා ඔබ සරසන්නම්

ආදර කිංකිණි ඔබ හඬවද්දී පෙම් රඟ රඟ දෙන්නම්
රස බස් වීණා තාල වයන සඳ ගීයෙන් පිනවන්නම්

විරු රජ දහනේ සිහසුන වෙත ඔබ පසුපස මා එන්නම්
විකුම් රණශූර ඔබේ සිරි දේවිය මම වෙන්නම්

1966 වසරේ දී තිරගත යූ ‘‘මහ රැ හමු වූ ස්ත‍්‍රිය’’ චිත‍්‍රපටය සඳහා කරුණාරත්න අබේසේකර සූරීන් විසින් රචනා කරන ලද මතු දැක්වෙන ගීය සිවුපද ආකෘතික ලක්ෂණ මතු කෙරෙන ප‍්‍රශස්ත රචනාවකි. එම්.කේ. රොක්සාමි සංගීතඥයාගේ තනු නිර්මාණය මතින් මෙම සිවුපදයේ පැදි විරිත හා ගැයි විරිත අතර වෙසෙස් පරතරයක් ගෙන හැර දක්වයි. පැදියේ සහ ගීයේ සුවිසෙස් වෙනස ද එයම වෙයි.

සරවන බව කඳ සුරිඳුගෙ තෙද බලේ
පළ කළ තුරු ලිය ඔද කළ මඳනලේ
සිඹ සිඹ දෙව් සැපැති මැණික් ගං තලේ
සැතපුව මැන සුව යහනක තුන් හෙළේ

සය මුහුණකි නෙත් දොළසකි පෑහුණේ
කිතු රැුස මෙනි පිල් විහිදෙන වාහනේ
බැබළෙන ලෙස සිරි ලංකා ශාසනේ
එක නෙතකින් බලනු මැනවි සාමිනේ

හිස මුදුනත ලෙළ දෙයි සැවුළිඳු දදේ
දොළසතකින් රණ අවි දැරු කඳ රදේ
ඔබ පිය මැන මැන පොබ කළ එම සඳේ
මෙම පියසෙදි දුක බිය සැක සන්සිඳේ


1966 වසරේ දීම තිරගත වූ පරසතු මල් චිත‍්‍රපටය එම වසරේ සම්මානනීය චිත‍්‍රපටයක් බවට පත්වෙයි. ලයනල් අල්ගම සූරීන් විසින් සංගීත අධ්‍යක්ෂණය කරනු ලැබූ මෙම චිත‍්‍රපටයේ ගීත රචනා කරනු ලද්දේ මහගමසේකර විසිනි. එම වසරේ ප‍්‍රශස්තම ගේය කාව්‍ය රචනය සම්මානය මෙන්ම හොඳම ගායන ශිල්පිනියට හිමි සම්මානය හිමි කරගනු ලැබුවේ මාතා 16කට ගොනුව තිබූ මේ සිවුපද ගීයයි.

පරවුණු මල්වල සුවඳ අතීතේ
පරසතු මල් ළඟ විසිර ගියාවේ
දුවගෙ මුවින් එන කැකුළු සිනා වේ
එළිය මැදින් හෙට දවස උදා වේ

අතට වළලූ මම කොහෙන් සොයම්දෝ
පයට ගිගිරි මම කොහෙන් සොයම්දෝ
ඉණට හවඩි මම කොහෙන් සොයම්දෝ
දුවට මවක මිස පියකු කොහෙන්දෝ

දාවල ගෙවිලා අඳුර ගලනවා
ඈත ලොවට නිදි දෑස පියෙනවා
හීතල පාළුව හිවුඩු පිපෙනවා
ඒ අතරින් දුව දොරට වඩිනවා

ගුවන්විදුලි ගීයේ දෙපද, සිවුපද ලක්ෂණ

1948 වසරේ දී ගුවන්විදුලිය මුල්ම ගීතය පටිගත කිරීමෙන් අනතුරුව එමගින් නිෂ්පාදනය කළ සිංහල ගීත ප‍්‍රමාණය කොපමණක්දැයි දන්නා කිසිවෙකු ඇතැයි මට නොසිතේ. ඒ තරමටම ගීත සම්භාරයක් එදා මෙදා තුර ගුවන්විදුලිය නිෂ්පාදනය කර ඇත. වාග් ගේය කාර සුනිල් සාන්තයන්ගේ ‘‘ ඕලූ පිපීලා විල ලෙළ දෙනවා’’ ගුවන් විදුලි ප‍්‍රථම නිෂ්පාදනයේ සිටම මේ ගී ගොන්නට දෙපද, හතර පද ගී ද සම සමව දායකත්වය ලබා දී ඇත්තේය.

මාත‍්‍රා 16 ක් තරම් වූ ඉතා දිගු විරිතකින් මර්සලින් ජයකොඩි පියතුමන් විසින් විරචිත මේ ගීය බලන්න. පී. ඩන්ස්ටන් ද සිල්වා සංගීතඥයාගේ ස්වාධීන තනු නිර්මාණයකට මේ ගීය ගයනු ලබන්නේ නාලනී රණසිංහ විසිනි.

කහවන් ගොයමට රන් දිය වැහැලා
නියරෙන් ඉතිරෙනවා
ගස්වල සෙවණැලි වැඩියෙන් කළු වී
බිම මත වැතිරෙනවා
විහඟ වලා ගුවනෙ ගලා දුර අහසේ නොපෙනී යනවා
කවියක් ගීයට හැරුණු කලක් සේ ඉපනැලි රැුව් දෙනවා

මින්නේරිය වැව දැන් නිල් කැටයකි
තැන තැන රතු වෙනවා
තැන තැන දිගු රැුළි සුළඟට කැඩි කැඩි
සුදු ඉරි මතුවෙනවා
මුතු අමුණා ගී මුමුණා දුර වෙරළට රැුලි ඇද්දෙනවා
මින්නේරිය වැව පට සළු ඇඳගෙන
උන්සිලි පැද්දෙනවා

මහසෙන් රජ වැඳ නින්දට යන්නට
දැන් ඇය සැරසෙනවා
අවුරුදු දහසක් කෙත් බිම් සරුකොට
හිනැහී සැතපෙනවා
යලත් බලා - මහත් බලා ගොයමට
දිය රැුළි නංවනවා
මින්නේරිය වැව හෙට ගී කයියේ
උදයට ළං වෙනවා


මඩවල එස්. රත්නායකගේ ගීය හෙළ ජන කාව්‍ය සාහිත්‍යය් මෙන්ම ශාන්ති කර්ම පi සාහිත්‍යයේ ඇසුර නිබඳවම ලබා තිබිණ. මතු දැක්වෙන බමරෙකු ආවයි නිරිත දිගේයා ගීතය ද කොහොඹා යක් කංකාරි ශාන්ති කර්මයේ ගුරුගේ මාලාව ඇසුරු කොට ගත් නාද රටාවකට අනුගත වන්නකි. අපගේ ජනකවි සාහිත්‍යය ද ශාන්ති කර්ම සාහිත්‍යය ද විවිධ සිවුපද කාව්‍ය ආකෘතිවලින් පරිපූර්ණ වූවකි. මඩවල ඇස්. රත්නායකයන්ගේ ගේය කාව්‍ය වැඩි කොටසක් ජන කවියේ හා ශාන්තිකර්ම සාහිත්‍යයේ ගොනුවක් බවට ඔහුගේ නිර්මාණ පිළිබඳ හදාරන විට පෙනී යයි.

බඹරෙකු ආවයි නිරිත දිගේයා
හද පෑරූවයි මියුරු රසේයා
මල් පරවූවයි සෝකෙන් බෝවා
කඳුළු ගැලූවයි එලෝ ගැබේයා

සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ
ඈත එපිට ගිරිකුලකට ගියාදෝ
මෑත මෙපිට මේ අඩෙහිම ලගීදෝ
දෑස අඳුරු වී මා තනි වුනාදෝ

සලමින් සුමුදු පොඩි අත්තටු මියුරු සරින්
නලමුදු සුවඳ විඳගන්නට ගියත් වරෙන්
බල බිඳ දමා හිරු යනවිට අවරගිරෙන්
බලමින් පිපුණ මල් පැණි බොනු රිසිව වරෙන්


ඩෝල්ටන් අල්විස් සූරීන්ගේ ගේය කාව්‍ය පැහැදිලි අමුත්තක් පෙන්වයි. ඔහුගේ ගීතාවලිය හතර පද, දෙපද ගීයෙන් තොරය. එසේම ඔහුගේ ගීතය ඔහුටම ආවේණිකය. බොහෝ ගේය කාව්‍ය රචකයින් මෙන් සම්මතයට ඉඩ දී ඒ සම්මත තුළ පිහිටා ඔහු ගේය කාව්‍ය නිර්මාණය කළේ නැත. ඇතැම් විට ඔහුගේ ගේය කාව්‍ය ස්ථායි කොටස සමඟ එක් අන්තරා කොටසකට සීමා වී තිබිණ. ඇතැම් විට අන්තරා කොටස් දෙකක් නිර්මාණය කොට තිබුණු අතර එම අන්තරා කොටස් අසමපාත විය. අමරදේවයන්ගේ ‘‘සසර වසන තුරු’’ ගීතය ද, නන්දා මාලිනියගේ ‘‘උඩඟු ලියන් ගොතා බඳින’’ ගීතය ද මේ සඳහා අපුරු නිදසුන් දෙකකි. එහෙත්, ඔහුගේ ගී ගොන්න තුළ ද සිවුපද, දෙපද ආර ලියූ අමරදේවයන් තනු නිර්මාණය කර ගැයූ ගීතයක් සොයා ගත හැකි විය.

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි

එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
යශෝ කැලූම් වර ජෝතිය පිනෙන් උදාරයි

නිදා නොඉඳ යලි පිබිදී අහස බලන්නේ
නවෝදයේ තෙද රැුඳි හිරු පිපී දිලෙන්නේ

පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි


චිරන්තන පi සාහිත්‍යය ද, ජන කවි සාහිත්‍යය ද සිංහල ගීත සාහිත්‍යය උදෙසා ඉටුකළ මෙහෙවර පසක් කර ගත හැකි වනුයේ ඒ ආශ‍්‍රිතව, ඒ ආභාසය ලැබ බිහිව ඇති නූතන ගේය කාව්‍ය පිළිබඳව විමසුම් ඇසින් බලන විටදී ය. ශාන්තිකර්ම පද්‍ය සාහිත්‍යයේ කෝල්මුර කවි අතර දැඩිමුණ්ඩ දේව වර්ණනාවේ පද්‍ය පන්තියෙන් එක් කවියක් තෝරා ගනිමු.

දෑල දිලි අලූ ගෝමර රේඛා
දලා ළමැද රන් පරදන රේඛා
නීල පළිඟු බැඳ දුනුපට රේඛා
බාල චන්ද වන් නළලත රේඛා

මෙම සිවුපද කාව්‍ය ආකෘතිය සහ විරිත් ලක්ෂණ එපරිද්දෙන්ම උපයෝගී කර ගනිමින් ධර්මසිරි ගමගේ සූරීන් විසින් නිර්මාණය කරන ලද නූතන ගේය කාව්‍යය අපි මුල් කෘතිය හා සසඳා බලමු. වෙනසක් ඇත්තේ ම නැත. මෙම නූතන ගුවන් විදුලි ගීය තනු නිර්මාණය කර ගයන්නේ නන්දා මාලනිය විසිනි.

හද විල කළඹන පෙම් ජල රේඛා
ඒ විල මැද සීතල සඳ රේඛා
දෑසෙහි තවරා ආදර රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

වරලස අක්බඹරුන් රැුඳි රේඛා
දෙනෙතෙහි නිලූපුල් මල් පෙති රේඛා
දෙතොලෙහි ආදර හසරැුලි රේඛා
ඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා

නීල පළිඟු කැට නෙත්මිණි රේඛා
බාල චන්දනී නළලත රේඛා
ආල නුරාවෙන් බැඳි රන්රේඛා
සිහිනෙන් ඔබ රුව හද ඇඳි රේඛා

දෑල ළමැද රන් ගෝමර රේඛා
ඈතදි පෙන්වන කෝමල රේඛා
මෑතදි බැලූ විට ආදර රේඛා
සිහිනෙන් ඔබ රුව හද ඇඳි රේඛා


ඉපැරණි ජන කවිය තුළ ගැබ්ව ඇති නැළවිලි ගී ආකෘතිය ද එහි නාද රටාව ද කුඩා අවධියේ සිටම අපේ පරපුර ලද දායාදයකි. පසුකාලීනව නිර්මාණය වූ මවු ගුණ ගී බොහොමයක් මෙම කාව්‍ය ආකෘතියේ ආභාසය ලද අතරම නාද රටාවන් ද ඊට අනුරූප බවක් දැක්විය. සත්‍යයෙන්ම නන්දා මාලිනිය තනු නිර්මාණය කර ගයන්නේ සිවුපද දෙකක් බැව් මෙයින් පැහැදිලි නොවන්නේදරැ ගේය කාව්‍ය රචනාව ඩබ්.ඒ. අබේසිංහ කවියාගෙනි. සිවුපදයේ මාත‍්‍රා 22 කි.

මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා
නිල් දෙරණේ තුරු ලිය මත මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ පල සම්පත අම්මා

සිය දහසක් නෙක ලෝ දා එළිය කරන අම්මා
සොළොස් කලා පිරි පුර හඳ එළිය කරන අම්මා
සඳ නැති රැ සක්වල තරු එළිය කරන අම්මා
උදා ගිරෙන් ලොවට වඩින ළහිරු මඬල අම්මා

තවත් එවැනි සිවුපද දෙකක් රසිකයන්ගේ නොමඳ ප‍්‍රසාදයට ලක් වූ ගේය කාව්‍ය රචනාවක් ලෙස සුනිල් සරත් පෙරේරාගේ නිර්මාණයක් ලෙස කලඑළි දකිනු ලැබීය. මාත‍්‍රා 26 කින් සුසැදි මේ ගීය තනු නිර්මාණය කර ගයන්නේ පණ්ඩිත් අමරදේවයන් ය.

පෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නළවනවා
මගේම ගීයක් නැළවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වෑහෙනවා
සිනාසුණෙමි මම අවිහිංසක ඇයකෝළ බැළුම් දෙනවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස
රූ සිරි කෙමෙන් මැකී යනවා

එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහි වෙනවා

සිංහල ගුවන් විදුලි ගීය තුළ විවිධ මාත‍්‍රා ගණනින් සිවුපද ගී ලියූ රචකයින් ගණන අප‍්‍රමාණ ය. ඒ සියල්ලම මෙම ලිපිය තුළට අන්තර්ගත කිරීම ඉතා අපහසු කටයුත්තකි. එහෙත්, සිංහල ගේය කාව්‍ය සාහිත්‍යය තුළ ප‍්‍රමුඛ ගේය කාව්‍ය රචකයන්ට වන අසාධාරණය ද මම දනිමි. එබැවින් හතරපද ගේය කාව්‍ය රචනයට දායක වූ නිර්මාණ කිහිපයක් පිළිබඳව මතු සටහන් තැබීම මා සතු නිර්මාණ යුතුකමක් සේ සලකමි.

කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න - පේ‍මකීර්ති ද අල්විස්
කලේ පැන් ඇත නැවුම් රහ නැත - කේ.ඞී.කේ. ධර්මවර්ධන
පැල් රකින කුරහන් පැහෙනා හේනේ - ආචාර්ය අජන්තා රණසිංහ
දෑස වසාගමි ඔබ නොපෙන්නට - දයා ද අල්විස්
රණ්ඩු වෙවී යාළු වෙවී - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
පින්නේ රැුයේ කඩ අගුවක නිදනවද - කුලරත්න ආරියවංශ
හන්තානේ කඳු දණ ඇන නමදින - රත්න ශ‍්‍රී විජේසිංහ
වැඩ මුරය - බන්දුල නානායක්කාරවසම්
පලංචියේ ලී ඉරුවේ අපි එකට - වසන්ත කුමාර කොබවක
ආදීහු පමණක් නොව එය ද සුවිසල් ප‍්‍රමාණයකි.

ගුවන් විදුලි ගීත නාටක දෙපද ලක්ෂණ

ගුවන් විදුලි ගීතය තුළට ගීත නාටක අතරින් බිහි වූ ගුවන්විදුලි නාට්‍ය ගී අතරින්ද සිවුපද ගීයට වඩා දෙපද ගී බිහිව ඇත. ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ ගීත නාටකය ද, පනහේ දශකයේ දී ජනප‍්‍රිය දෙපද නිර්මාණ බිහිකළේය. ඒ අතර විමල් අභයසුන්දර රචනා කළ සිකුරුයි, සඳුයි, ගුරුයි ගීතය හා පේ‍රම තටාකේ මේකද මැණිකේ ගී යුග්මය සුවිශේෂයි.

පේ‍ම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ
අබිමන් අබිමන් කියලයි මැණිකේ
ඒ රැලි ඉවුරෙ වදින්නේ

මගේ පෙම් කෝකිලයෝ ඔබේ ගීයේ
තාලේට නොවැ දිය සුළි කැරකෙන්නේ
පියුමට පියුමක් හැපෙනවා දැකලයි
හංස පැටව් මේ හැටි දඟලන්නේ

චම්පා චම්පා කියලයි මැණිකේ
ඕලූ මලේ අර පෙති නැටවෙන්නේ
ඔබේ ඉඟ මෙවුලේ මිණි කැට දැකලයි
මාලූ පැටවු මේ දිවගෙන එන්නේ

හිමියනි ඔබගේ පුළුලූර තලයෙහි
වැව් ඉවුරේහි නැහැ වෙනස දැනෙන්නේ
මගේ පෙම් දහරයි සීතල ජලයයි
එක විදිහට නොවැ පිරි තිබෙන්නේ

අනාගතේ මෙහි පෙම් රස විදිනා
හදවත් වලටයි රසය දැනෙන්නේ
එකයි මැණිකේ මේ වැව දකිනා
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ

වේදිකා නාට්‍යයේ සිවුපද ලක්ෂණ

සිංහල වේදිකා නාට්‍ය ගීතය ද සිවුපද, දෙපද ගී විරිත්හි ආභාසය ලබයි. අඩු මාත‍්‍රා ගණනකින් යුතු කෙටි පද භාවිතය වැඩිපුරම දක්නට ලැබෙන රිද්මයානුකූල ක‍්‍රමවේදයකි. හෙන්රි ජයසේන නාට්‍යවේදියාණන්ගේ කුවේණි වේදිකා නාටකයේ එන මේ ගීතය ඊට කදිම නිදසුනකි.

පොළව උසුලන දෙවියනේ
අහස උසුලන දෙවියනේ
මුහුද උසුලන දෙවියනේ
නැෙ`ගන ඉර හඳ දෙවියනේ

අග්නි අසනිය දෙවියනේ
වැහි වලාහක දෙවියනේ
මේඝ ගර්ජන දෙවියනේ
බලන් මට කළ මේ විනේ

පොළෝ පුපුරා පැළීයන්
අහස ගිනිගෙන දැවීයන්
සයුරු කැළඹී ගැලීයන්
නැෙ`ගන ඉර හඳ වැටීයන්

දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘‘නරි බෑනා’’ වේදිකා නාට්‍යයේ කුමටද සොබනියෙ කඳුළු සලන්නේ ගීතය ද ඔහුගේම ‘‘බක්මහ අකුණු’’ වේදිකා නාට්‍යයේ මලින් මලකට ගොස් පැණි බොන්නද ගීතය ද දෙපද කාව්‍ය ආකෘතික ලක්ෂණ ප්‍රකට කරයි.

ටෙලි නාට්‍ය ගීතයේ සිවුපද ලක්ෂණ

ටෙලි නාට්‍ය ගීත විෂය වෙනුවෙන් එතරම් සැලකිල්ලක් මෙතෙක් නොදැක්වුවද ටෙලි නාට්‍ය මගින් සිංහල ගීත සාහිත්‍යයට එක්කළ ගීත ප‍්‍රමාණය ද සුළුපටු නොවේ. ඒ පිළිබඳ නිසි හැදෑරීමක් සිදුනොවූවද මෙම ලිපියට ප‍්‍රස්තූත වන සිවුපද දෙපද ගේය කාව්‍ය විශාල ප‍්‍රමාණයක් ද, ටෙලි නාට්‍ය ගීත විමසා බැලූ විට අපට හමුවෙයි. මෙහි පහත පළවන්නේ ළ ගන්නා කෙටි විරිතකින් විරචිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ ගේය කාව්‍ය රචනාවකි. මෙය තුෂාර රණසිංහගේ ‘‘ඇත් පවුර’’ ටෙලි නාට්‍යයට ඇතුළත් රෝහණ වීරසිංහ සංගීතවත් කළ සුනිල් එදිරිසිංහ ගයන ගීයකි.

බෝසතු කුල ඇතාණෝ
සිවු පා මහ සතාණෝ
වනන්තරේ නෙතාණෝ
පාරිලෙයිය ඇතාණෝ

වැඩම කළත් දළදා හිමි සඳාණෝ
දෙදළ කපා බිම හෙළනා ඇතාණෝ
ඇවිදින සඳ අහිමිව වන පෙතාණෝ
වෙඩි පිට වෙඩි කා මියැදෙන ඇතාණෝ

සක්වළ ගල සොඳුරුම ඇත් රජාණෝ
ගැමුණු රජුට ජය දුන් හිතවතාණෝ
පනාමුරේ පරපුර සිරිමතාණෝ
අභය බිමෙන් අභයක් නැති ඇතාණෝ

කුමාරදාස සපුතන්ත‍්‍රී ගී නිර්මාණ

එළු සඳැස් ලකුණට අනුව රැලි ඡුන්දසට අයත් මාත‍්‍රි 18 කින් සපිරුණු මුවරදද, මහසුරු විදඹ, කිඳුරු කෙළි සහ සමුද්‍ර ඝෝෂ විරිත් හතරක් හඳුන්වා දෙයි. එහෙත් දස අට වත් විරිතෙන් තවත් නිර්මාණ තිබිය හැකිය. සුභාෂිතය, දහම් සොඬ සහ විශේෂයෙන් සන්දේශ කාව්‍යයන්හි මේ දස අටවත් විරිත්ම විවිධ අයුරින් විවිධ වැනුම් අවස්ථාවන්හි දී විවිධ නාද මාලා ඔස්සේ ගායනා කර ඇත. කුමාරදාස සපුතන්ත‍්‍රී කිවියාණන් විසින් නිර්මාණය කරන ලද දස අට විරිතින් සුසැදි ගේය කාව්‍යයකි මේ. එහෙත් ගායනය පිණිස අලංකාර විධි සකසමින් සංගීතඥයා පද අවසන යොදා ඇති සංගීත උපක‍්‍රම ළගන්නා සුළුය.

දෑසේ ක`දුළු සි`දුණා දුක නිවන්නට
සිතුවිලි වැලපුණා එරෙහිව නැගෙන්නට
නිදහස ගිළිහිලා දෙපයින් සිටින්නට
අසනා කෙනෙක් නැත මේ ගැන කියන්නට

තැන තැන දකින දුසිරිත මැද විළි වැදිලා
තිසරණ සරණ අසරණ වී වන වැදිලා
තඹ කාසියට විළිබිය උකසට බැ`දිලා
ගැතිකම රජවෙලා නැතිකම උරණ වෙලා

ගව කුළ මෙහෙය ස`දහා රණ කෙසරු සි`ද
සිහ රැළ රැගෙන යති පිටිතල හයා බැ`ද
සිවලූන් කෙළිති ප`ඩුවන් උර ම`ඩල වැද
නුවරුන් සැතපිලා නෑසූ කනින් අද

ගී කාව්‍ය හා සිවුපද කාව්‍ය පිළිබ`දව සිතන විට ගී කාව්‍යයට වඩා ප‍්‍රබල ශබ්ද ධ්වනි මාර්ගයක් සේ සිවුපද කාව්‍යය අපි හ`දුන්වා දුනිමු. සිංහල කාව්‍ය සාහිත්‍යය තුළ ජන ගීය ප‍්‍රකට වන්නේද සිවුපද කාව්‍ය විලාසයෙනි. භාෂා භාවිතය මත හෝ කාව්‍යාලංකාර මත හෝ ගී කාව්‍යය ජනතාව වෙතින් ඈත් වූ බවක් ද දඹදෙණි යුගයෙන් පසුව අපට පසක් කර දෙයි. එහෙත් කුරුණෑගල යුගයේ ආරම්භයත් සම`ග සිවුපදය පෙරටු කරගත් සුවිසල් වෙනසක පෙර නිමිති සන්දේශ කාව්‍ය බිහිවීමත් සම`ග අපට දක්නට හැකි විය. කාව්‍ය භාෂාවේ ඇති සරල බව නිසාම, තේරුම් බේරුම් කර ගැනීමේ පහසුව නිසාම සහ අර්ථ රසයට සමගාමීව ධ්වනි රසය ද මතු වන නිසාම සිවුපදය ඉතා ජනප‍්‍රිය කාව්‍ය විශේෂයක් විය. පරෙවි සන්දේශයේ එන මාත‍්‍රා හයෙන් හයට යතිය තැබූ සූවිසිවත් පදවලින් යුතු මතු දැක්වෙන සිවුපදය අර්ථ රසයට මෙන්ම ධ්වනි රසයට ද මනා පිටිවහලක් ගෙන දුන් බැව් පෙනේ.

තුරු පතරා අතර තරා ර`දන ගිරා කැල නිතොරා
කුසුම සරා රිය සො`දුරා අදින වරා බැරි වැහැරා
සැෙ`ගවි සොරාා පැමිණි පුරා මෙසිරි සරා දැක නොහැරා
තුටිනි තුරා තසිත පුරා යව මිතුරා එවන තුරා

සිංහල ගේය කාව්‍ය සාහිත්‍යය උදෙසා ද සිවුපද කාව්‍යයේ බලපෑම අති විශාලය. සිවුපද කාව්‍ය භාවිතයෙන් ගේය කාව්‍ය රචනයේ නොයෙදුණු ගේය කාව්‍ය රචකයකු සොයා ගැනීම මෑත කාලයේ ඉතා දුෂ්කර කටයුත්තක් වනු ඇති. ගේය කාව්‍ය රචනයේ දි කෙටි පද භාවිතයෙන් මෙන්ම ඉතා දිග පද භාවිතයෙන් ද සිවුගද ගේය කාව්‍ය රචනා වී ඇත. ‘එළු ස`දැස් ලකුණ’ ම`ගින් හ`දුන්වා දී ඇති සිවුපද මාත‍්‍රා 28ක උපරිමයට යටත්ව තිබුණි. එනමුදු මාත‍්‍රා 28 ඉක්මවන පදයක්ද ‘එළු ස`දැස් ලකුණ’ මගින් හ`දුන්වා දී තිබුණද එම සිවුපදය අර්ථ ගැන්වී තිබුණේ දණ්ඩක ලෙසිනි. මෙහි පහත දැක්වෙන්නේ මාත‍්‍රා 30 න් බැ`දුණු අණවුද`ඩු නමින් හැ`දින්වූ දණ්ඩකයකට නිදසුනකි.

සිසිවට පිරිවෙස් ලෙසුදුල,
මුහල මත පැළ`ද සැදු කෙමි පබ`ද ලා
පැහැ සපුදුල රන් පට පටු
නළල් තෙලෙහි බැ`ද සො`ද දුහුල් ඇ`දලා
නලහුයි නවුනා දිය බි`දු
එකවැලෙව් වැල`ද රන් කඩොල කන ලා
ගහ තරග මුත් හර පුළුලූ
උරබිතෙහි පල`දා වල`ග මෙවුල දුලා

දිග පද සහිත සිවුපද කාව්‍ය භාවිතයෙන් රචනා කෙරෙන ගේය කාව්‍ය පිළිබ`දව පළමු කනස්සල්ල ඇති වන්නේ, තනු නිර්මාණකරුවා තුළය. මේ දිග පද සහිත සිවුපදයන්ට සිය සංගීත හුරුබුහුටු කම් පෑමට සංගීතකරුවන්ට ලැබෙන ඉඩහසර සීමා වී ඇති බවට අපිදු සිතමු. සිවුපදයේ ඇති අක්ෂරවලට ස්වර ගැළපීම විනා ඉන් ඔබ්බට ගිය සංගීත රටාවක් ගොඩනැගීමට නොහකිව ඔවුහු මහත් අපහසුතාවට පත්වෙති. එහෙත්, දක්ෂ සංගීතකරුවා ගේය කාව්‍ය රචකයාගේ සිවුපද විරිත් පද ආකෘතිය තුට්ටුවකට මායිම් නොකරයි. ඔහු සිය දක්ෂතා මතු කරගනිිමින් ගේය කාව්‍යය තුළ සිය අණසක පතුරවමින්, ගේය කාව්‍ය රචකයාගේ පද ආකෘතිය සුනුවිසුනු කර දමමින් නැවුම් සංගීත ආකෘතියක් බිහි කරයි. එහෙත්, මෙහිදී වැදගත් කාර්යභාරයක් සංගීතකරුවා සිත්හි තබා ගත යුතුය. එනම් ගේය කාව්‍ය රචකයාගේ පද ආකෘතිය බි`ද දැමීමට සංගීතකරුවාට අවසර තිබුණධ, පද අන්තර්ගතයට, අර්ථයට පද රචනය විසින් උද්දීපනය කරන ලද රසයට භාවාත්මක බවට හානි කිරීමට ඔහුට අවසර නැති බවය. එසේ නම් මෙවන් සිවුපද කාව්‍ය ආකෘතියේ ගේය කාව්‍ය රචනයට සාධාරණ සංගීත සැරසිල්ලක් කිරීමේ දී සංගීතඥයා කොතරම් ප‍්‍රවේසම් විය යුතු ද?

කුමාරදාස සපුතන්ත‍්‍රී ගේය කාව්‍ය රචකයා ද දිගු පද සහිත විශිෂ්ට සිවුපද ගේය කාව්‍ය රචනා රාශියක් නිර්මාණය කර ඇත. සෑම ගේය කාව්‍ය රචකයකුම පාහේ සිවුපද කාව්‍ය ඇසුරු කොට ගත් බව අපි මුලදීම පවසා ඇත්තෙමු. එහෙත්, සපුතන්ත‍්‍රී ගේය කාව්‍ය රචකයාගේ දිග පද සහිත සිවුපද ගේය කාව්‍ය විමසා බැලීමේ දී ඔහුගේ ගේය කාව්‍ය චිරන්තන පi සාහිත්‍යයේ බලපෑම පමණක් ම නොව, හටන් කවි, ප්‍රශස්ති, වන්නම්, සවුදම් සහ බලි ශාන්ති කර්ම ආදී නාදමය වශයෙන් වටිනාකමක් ඇති කාව්‍ය පසුබිමක නිර්මාණය වී ඇති බවට සාධක ඇත. සාහිත්‍ය පාර්ශවය ගෙන බැලූවද සාම්ප‍්‍රදායික නාද රටාවන්ට හුදු නෑදෑ කමක් ඇති බවට සාධක පවතී. මේ සා වැදගත්ම පණිවුඩය අපට ගෙන එන්නේ සපුතන්ත‍්‍රීගේ දිගු පද සහිත සිවුපද ගේය කාව්‍යයන්හි ඇති සාම්ප‍්‍රදායික විරිත් ලක්ෂණ මෙන්ම සාම්ප‍්‍රදායික නාද රටාවන්ද සංගීතඥයා නිවැරදිව වටහා ගෙන ඇති බවයි.

සිංහල පi සාහිත්‍යය ඔපවත් කළ දිගු පද සහිත සිව්පද කාව්‍ය විශේෂ හටන් කවි, ප්‍රශස්ත කවි, වන්නම්, සවුදම් සහ බලි ශාන්ති කර්ම සාහිත්‍ය තුළින් වෙසෙසා විමාන වෙයි. එළු ස`දැස් ලකුණට අනුව දිග සිවුපද සහිත ඡුන්දස් හා විරිත් වගුවක් පහත ස`දහන් වේ.

ඡුන්දස් නාමය විරිත් නාමය මාත‍්‍රා ගණන

1. රවුළු නර`ග ර`ග මාත‍්‍රා 19
මිණි රිළු මාත‍්‍රා 19
වියත් මාත‍්‍රා 20
නළහව් මාත‍්‍රා 20
2. කෙනෙත් තුර`ග ර`ග මාත‍්‍රා 21
කුසුම්සිරි හර මාත‍්‍රා 22
කමලා මාත‍්‍රා 22
සෝදැමිණි මාත‍්‍රා 22
3. දිගහුරු මාත‍්‍රා 23
4. පටදා මාත‍්‍රා 25
නුෂුන් ස`ද මාත‍්‍රා 26
5. ග`ගහැලි මාත‍්‍රා 28
පුණු අතිපුණු මාත‍්‍රා 28

හිස මුව තුළ බෙල්ල දෙවුර දෑත ද දසැ`ගිලි අගිනේ
ළමැදි උදර නාබි කටුව දෙවි දෙකළව දෙදනේ
කෙණ්ඩ බොලට දෙපිටි පතුල දසැ`ගිලි ඇති නිය අගිනේ
සිද්ධ සුරි`දු අනුහසයෙන් ඔබෙ පිරිපත දුර හරිනේ

ඉහතින් දක්වා ඇත්තේ සිරස පාද කවියකි. රුවන් සිරස පාදය බුදුගුණ, සිරස පාදය, සත් සති සිරස පාදය, දස පාරමිතා සිරස පාදය යනුවෙන් බුදුන් වහන්සේගේ සහ උන්වහන්සේගේ අපරිමිත ගුණ ක`ද ගයමින් බුද්ධ චරිතයේ සහ බෞද්ධ සාහිත්‍යයේ වැදගත් සිද්ධීන් හා අවස්ථා පිළිබිඹු කෙරෙමින් සිරස පාද ශාන්ති කර්මය සිදුකෙරේ. බුදු ගුණ ආනුභාවයෙන් සිරසේ සිට පාදාන්තය දක්වා වූ සිරුරේ විවිධ අවයවවල රෝග ව්‍යාධි දොස් සමනය කිරීම පිණිස මෙම සිරස පාද ශාන්තිකර්මය සිදුකරති. කුමාරදාස සපුතන්ත‍්‍රී කිවියාණන් මතු දැක්වෙන ගේය කාව්‍ය රචනය උදෙසා උක්ත සිරස පාද කවි ඇසුර ලබන්නට ඇති බවට කිසිදු සැකයක් නැත. ඒ ස`දහා ඔහු විසින් මතු කර දක්වනු ලබන අනුභූතිය ද ශාන්ති කර්මයක ලකුණු එළිපෙහෙළි කර දක්වයි. සූවිසි විරිතින් රචනා වුව ද මේ දිග සිවුපද ගීයේ අඩුවක් පාඩුවක් කොතනකවත් ඇත්දැයි කාට නම් කිව හැකිද?

අද ඉපැදුණු නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න
පතිනි මව්නි බැල්ම හෙලා හද සුව යහනේ රකින්න !

උපන් බිළිඳු නහවන්නට රුවන් පිරිත පැන් වඩතී
සිරිමා බෝපත් සෙලවී මෙත් සිහිලෙන් සුවය දෙතී
දහසක් දෙව් බඹුන් නිතින තුන් තිස් පැය තනි රකිතී
සඳ හිරු දෙපසින් අවදිව කල්පයකට ආයු දෙතී

සහසක් බුදු වදන් නිතර නැළවිලි ගීයෙන් ගයතී
සිරි දළදා හිමි සරණින් පිහිට ලබා නිදුක් වෙතී
උපන් පුතුට ලෙවන් අතර දහසක් කිරිමවුන් ඇතී
බාල බිළිඳු පිළිගන්නට සමන් දෙවිඳු දෝත දෙතී

දිගු පද සහිත මාත‍්‍රා 26 කින් පබ`දන ගුත්තිලයෙ එන මතු දැක්වෙන පiයද අර්ථ ධ්වනි ගුණ මනාසේ නිර්මාණය වූවකි. පසුකලෙක සංගීතඥ සුසිල් පේ‍්‍රමරත්න විසින් තනු නිර්මාණය කර ලතා වල්පොල ශිල්පිනිය සම`ග ගයනු ලැබූ මේ සිවුපද ගීය ඉතා ජනප‍්‍රිය වූවකි. මෙනයින් පසක් වනුයේ දිගු පාද සහිත වුව ද මේ සිවුපද කාව්‍යයන්හි පiයට වඩා ගීතයට ළං වූ බවකි. ගී ලකුණු ප‍්‍රකට කළ බවකි.

රූ රැුසේ අ`දිනා ලෙසේ අත් ළෙල දිදී විදුලිය පබා
රන් රසේ එක්වන ලෙසේ වෙණ නාද නූ පා තබ තබා
කම් පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙත`ගින් සබා
මම් කෙසේ පවසම් එසේ වර සුර ළ`දුන් දුන් ර`ග සොබා

නූතනයට නුහුරු බවක් දැක්වුවද සවුදම් ඉහත යුගවල ඉතා ජනප‍්‍රිය ගායන විශේෂයකි. බොහෝ විට දෙවියන් හා දේවාල ආශ‍්‍රිත පූජා විධි ඇසුරෙන් කරුණු ගෙන හැර පානා සවුදම් සංඛ්‍යාත්මක වශයෙන් හැට හතරක් බැව් ස`දහන් වේ. මේ සව්දම් අතර විෂ්ණු සවුදම, බ‍්‍රහ්ම සවුදම, සුගත සවුදම, කන්ද කුමාර සවුදම වශයෙන් වූ මාත‍්‍රා 26 ක පද සහිත සිවුපද කාව්‍යයන්ය. විෂ්ණු සවුදමේ පහත ස`දහන් පiය එයට නිදසුන් සපයයි.

දුන්න සහ ඊ රැුගෙන සුරතට රාම නම් ලත් කාලෙදී
පන්න පන්නා යුදය කරලා රාවණා දස හිස සි`දී
යන්න නළුවන් ඔදය සින්දා ආවොතින් තරෙ`ගට යෙදී
ඔන්න නටනවා විෂ්ණු සවුදම දෙවැනි වර මේ සබයෙදී

රාම රාවණ යුද්ධය සිිහිපත් කෙරෙමින් ගායනය කෙරුණු මේ විෂ්ණු සවුදම අන්තර්ගතය වශයෙන් ද, ආකෘතිමය වශයෙන් ද, නාද රටාව ලෙසින් ද කුමාරදාස සපුතන්ත‍්‍රී ගේය කාව්‍ය රචකයාගේ ‘රන් මලක්’ නමැති විශිෂ්ටතම ගේය කාව්‍ය කෘතිය හා මනාව සැසෙ`ද්. මාත‍්‍රා 26 කින් සමන්විත විෂ්ණු සවුදමේ පැදි විරිත ද රන් මලක් ගීතයේ පැදි විරිත ද යුදමය පරිසරයක තතු ගෙන පානු සැක නැත.

රන් මලක් ලෙස දෙව් බඹුන්
දෝතින් පි¥ මේ පින් බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට
රන් වැටක් ඇත සිව් කොනේ
නෙත් පුරා එක හීනයේ
මුළු ලෝකයා නිදනා රැුයේ
දේශයේ මුර දේවතා එලි
රැ පුරා දැල්වී තියේ

ලෙහි හොවා වැඩු සිය පුතුන්
අත අවි දරා වැද රණ මතින්
පෑ විකුම් දැක දෑ බැතින් හිස
අත් මුදුන් දෙති පියවරුන්
මව් බිමේ හිමිකම් පතා
තම දිවි පි¥ කල ඒ පුතුන්
තුන් හෙලේ හැම මව්වරුන්
ළය කිරි එරී ඇත උන් නමින්

මව් කුසින් නොව මිහි කුසින්
සිරිලක උපන් විරු දරුවනේ
අපි ඔබෙන් නව පණ ලබා මෙහි
යළි උපන්නෙමු අද දිනේ
නෑසියන් සොයුරන් ඔබේ
අද ¥ පුතුන් හැම මේ බිමේ
හදවතින් අපි යුදබිමෙහි ඔබ
තනි කලේ නැත කිසි දිනේ

සිංහල කවිය නව මාවතකට යොමු කළ අවධියකි කෝට්ටේ යුගය. සිංහල පi සාහිත්‍යයේ බැබළීම සිදුවන්නේද මේ යුගයේ දී ය. ප‍්‍රකට සන්දේශ කාව්‍ය ගණනාවක් සම`ග ගුත්තිලය වැනි ප‍්‍රශස්ත කාව්‍ය ද, පැරකුම්බා සිරිත වැනි විරුද කාව්‍ය බිහිවන්නේද මේ යුගයේ දී ය. මෙම ප‍්‍රශස්ති කාව්‍ය රාජ ස්තූති ලෙෂ රාජ සභාව ඉදිරියේ ගායනා කළ බැව් දැක්වේ. මතු දැක්වෙනුයේ මාත‍්‍රා 28 කින් සමන්විත පැරකුම්බා සිරිත කාව්‍ය සංග‍්‍රහයේ ඇතුළත් දිගු සිවුපදයකි.

වන් වෙදෙන් යුද අන් රදුන්
රඹ රන් කැලූම් මද මත් ගජාණෙනි
පුන් ස`දින් ස`ද කැන් ලෙසින්
ඉට පුන් යසින් රගුරම් රජාණෙනි
රන් ක`දින් කළ වෙන් රුවින්
රස`දුන් ළ`දුන් නෙතමින් දජාණෙනි
නන් සිරින් වි`ද වත් තොසින්
ඉ`දු පින් උතුම් පැරකුම් රජාණෙනි

පැරකුම්බා සිරිතෙහි එන විරුද කාව්‍ය ලක්ෂණ මතු කෙරෙන මාත‍්‍රා 28 කින් පබැ`දු කුමාරදාස සපුතන්ත‍්‍රී රචකයාගේ මතු දැක්වෙන ගීතය නාදාත්මක භාෂා භාවිතයකට උරුමකම් කියයි. එහි විරිත් ලක්ෂණ ‘එළු ස`දැස් ලකුණ’ මතු කර දැක්වූ පුණු අති පුණු විරිත හා බැෙ`ද්. මෙය ද මවුබිම වෙනුවෙන් ලියවුණු විරුද කාව්‍යයක් නොවන්නේ කෙසේද?

දස බිම්බර සෙන් දපා
මහසෙන් නුවන් ලද මේ උදේ
දහසක් බුදුන් බුදු වූ පැයේ
මේ ඉන්ද්‍ර මංගල සාදයේ

දෙදහස් වසක් අබිමාන ගී
ඇසු ජාත මවුබිම පෑ සිනා
සුවහස් කපක් නොසි`දී
රැකෙන්නට සූර්ය දෙව් ආරාධනා

හිරු තුන් යළක් සිරි පා පුදා
වැඩු සිත් පුරා දෝතින් ගෙනා
පිබිදී සැණින් අරුණින් දොවා නෙතු
සව්සතුන් අනුමෝදනා

සිවුපද විරිත් මාත‍්‍රා 28 කට සීමා කරන ‘එළු ස`දැස් ලකුණ’ ඉන් ඔබ්බට දිවෙන සිවුපද විරිත් දණ්ඩක ගනයෙහි ලා සලකනු ලැබේ. එහෙත්, ද්‍රවිඩ වන්නම් අතර එවැනි දණ්ඩල ගනයෙහි ලා සැලකෙන විරිත් සුලබව දැකිය හැකි ය. ඒ අනුව දහඅට වන්නම අතර වූ ඇතැම් වන්නම්වල නෙළුම් කවි තලවල කවි ආදියට ගැනෙන විරිත් ලක්ෂණ ද දක්නට ලැබේ.

කුමාරදාස කවියාණන්ගේ මතු දැක්වෙන සිවුපද ගීතය වන්නම් කාව්‍ය සාහිත්‍යයේ සේයාවක් පෙන්වයි. වන්නම් ගැයුම පැහැදිලි නාද රටාවකට අනුගත කරමින් වන්නම් පiයේ විරිත ලක්ෂණ ද මෙතුළින් මතු කෙරේ. හනුමා වන්නමට ද සිංහරාජ වන්නමට ද ළ`ග ඇසුරක් සහිතව මේ ගීය නිර්මාණය කර ඇතුවාට සැක නැත. එසේම මේ පද රටාව ද එළු ස`දැස් ලකුණ මගින් පෙන්වා දුන් දණ්ඩල ගනයට වැටේ. මෙහි මාත‍්‍රා ගණන තිහකි.

දසිස් දිනා රුපු රජුන් නසාලොව තෙදින් තමා
නතු කලෙන් මෙමා
එද එවන් ලොවින් ලද දිනූ දෙයක් වෙද තවත්
එවන් රුපු කැලක් විනා

අදින් මතුව යලි සටන් වදින්නට රජෙක් නොමැති
සිහ අසුන් අරා
සුසුම් නලින් මිස සිතින් බෑර නොව හිඳිම්
මගේ දුක කිරුළ දරා

දිනූ විසල් ලොව සිතින් හරින්නෙමි උතුම්
මිනිස්කම මවෙත රඳා
මගේ දෙපා මුල වැටී මෙසේ මම කියම් මගේ දුක
මටම හඞා

සිවුපද කාව්‍ය ආකෘතිය හෝ දෙපද කාව්‍ය ආකෘතිය හෝ ඇසුරු කරමින් ගේය කාව්‍ය රචනයේ යෙදුණෝ සුලබය හ. එහෙත් සිවුපද දෙපද ගී නිර්මාණය කළ තරමටම ඒ ගී සාර්ථක වූවා ද යන්න ගැටලූ සහිත ය. මෙතැන්හිදී සාක්ෂාත් වනුයේ හැම ගීතයක්ම කවියක් වන නමුදු හැම කවියක්ම ගීතයක් නොවන බවයි. කවි ලකුණු හා ගී ලකුණු අතර කිසියම් පරස්පරයක් ඇති බවයි. මාත‍්‍රා 20 ට අඩු දෙපද හෝ සිවුපද හෝ ගීය නාදාත්මකව රචනය කිරීම එතරම් අපහසු නැතත් මාත‍්‍රා 20 ට වැඩි දෙපද හෝ සිවුපද හෝ නාදාත්මකව පෙළ ගැසීම දුෂ්කරය. මේ දුෂ්කර බව ඉතා පහසුවෙන් ජයග‍්‍රහණය කළ ගේය කාව්‍ය රචකයකු ලෙස කුමාරදාස සපුතන්ත‍්‍රී ගේය කාව්‍ය රචකයා මම දකිමි. සාහිත්‍ය පක්ෂයේ විරිත් ලක්ෂණ ද සංගීත පක්ෂයේ නාද ලක්ෂණ ද ඔහු සිය දිගු සිවුපද ගී ස`දහා එකවර සමපාත කරගනී. මේ ස`දහා ඔහු ඉපැරණි සාහිත්‍යයේ එන සාම්ප‍්‍රදායික විරිත් ලක්ෂණ මෙන්ම නාද ලක්ෂණ ද පිළිබ`දව නිහ`ඩ අත්හදාබැලීමක යෙදී සිටියාට සැක නැත.

ඉහත දැක් වූ සිවුපද ගේය රචනාවන්ට අමතරව ඔහු විසින් රචිත සූවිසි වරමින් දෙව් රැකවරණින් අරුණ උදා වේවා ගීතය, පිලේ පහන නිව්වා මං ගොම්මන් අ`දුරේ ගීතය සහ මලින් මලට ඉගිළුණාට ගීතය සැරසිලි කර නිමැවුම් කර ඇත්තේ ද ඔහු සොයා පාදා ගත් සාම්ප‍්‍රදායික විරිත් ඇසුර නිසාම ය. මේ ගීතාත්මක උපක‍්‍රම භාවිත නොවුණා නම් මෙවන් විශිෂ්ට ගනයේ ගීත ප‍්‍රමාණයක් අපගේ ගීත සාහිත්‍යයට කිසිදු දිනෙක එකතු නොවනු ඇත. කුමාරදාස සපුතන්ත‍්‍රී ගේය පද රචකයාගේ ගී ලකුණ කුමක්දැයි මේ සිවුපද දෙපද ගී ම`ගින් අනාගත පරපුරට ම`ග හසර කියාදෙයි. ඔවුන් යා යුතු ම`ග කියා දෙයි. මේ ගීතාවලිය අපට ඇරයුම් කරන්නේ ඔහු විසින් ඉටු කරන ලද ජාතික මෙහෙවර කුමක්ද යන්න සොයා බලන්නට ය.

සුනිල් ආර් ගමගේ

Tag Cloud:

Lyrics /  Articles /  Education /  Music

By Admin

සිවුපද, දෙපද කවියේ සෙවණැල්ල ලද නූතන ගේය කාව්‍ය නිර්මාණ -සුනිල් ආර් ගමගේ-

Leave a comment

Categories

  • Audio(2)
  • News(3)
  • Standard(5)
  • Video(1)
  • Soundcloud(6)
  • Gallery(3)

Tag Cloud

www.000webhost.com